ආරක්ෂිත සහ
වගකිව යුතු ගනුදෙනු

අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම උද්‍යෝගිමත් විය හැකි නමුත් අවදානම් ඇති බව මතක තබා ගැනීම වැදගත් වේ. මාර්ගගත ගනුදෙනුවල හොඳම අත්දැකීම ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ගිණුම් සුරක්ෂිත කිරීමට සහ වගකීමෙන් ගනුදෙනු කිරීමට අපි අපගේ සියලුම පරිශීලකයින් දිරිමත් කරන්නෙමු.

වගකීමෙන් යුතුව ගනුදෙනු කිරීම

An illustration of a warning sign to represent the risks of online trading

මාර්ගගත ගනුදෙනුවල අවදානම අවබෝධ කර ගන්න. කිසිවිටෙක ණයට ගත් මුදල් හෝ ඔබට අහිමි කර ගත නොහැකි මුදල් භාවිත කරමින් ගනුදෙනු නොකරන්න.

An illustration of a mobile indicating easy access to a demo trading account

අපගේ නොමිලේ ආදර්ශන ගිණුම භාවිත කර, අසීමිත අතථ්‍ය මුදල් සමඟ ගනුදෙනු කරන්න. එය අපගේ නිෂ්පාදන භාවිත කරන ආකාරය ඉගෙන ගැනීමට ඇති පහසුම ක්‍රමයයි.

An illustration of a stop sign to represent the stop loss trading feature

ඔබේ අලාභ සඳහා සීමාවක් සකස් කර, එයට නතු වී සිටින්න. ඔබේ සියලු මුදල් අහිමි වීම වළක්වා ගැනීම සඳහා ඔබේ ජයග්‍රහණ කිහිපයක් පසෙකට දමන්න.


An illustration of an arrow sign to represent the risks of emotional trading

බුද්ධිමත්ව ගනුදෙනු කරන්න, ඔබේ හැඟීම්වලට ඔබේ තීරණ සඳහා බලපෑම් කිරීමට ඉඩ නොදෙන්න. ඔබට සුදුසු තීරණ ගැනීමට නොහැකි වූ විට ගනුදෙනු නොකරන්න.

ගනුදෙනු සීමා සහ ස්වයං ව්‍යවර්තන

ඔබේ ගිණුම් සැකසුම් තුළ ඔබේ වෙළඳ ක්රියාකාරකම් මත ස්වයං-බැහැර කිරීමට හෝ සීමාවන් සැකසීමට ඩෙරිව් ඔබට අවස්ථාව ලබා දෙයි. ඔබට පුළුවන්:

නිශ්චිත කාල සීමාවක් තුළ ඔබට ගනුදෙනු කළ හැකි මුදල් ප්‍රමාණය සීමා කරන්න.

නිශ්චිත කාල සීමාවක් තුළ ඔබට සිදුවිය හැකි පාඩු සීමා කර ග​න්න.

ඔබට සැසියකදී ගනුදෙනු කළ හැකි කාලය සීමා කරන්න.

නිශ්චිත හෝ අවිනිශ්චිත කාලයක් සඳහා අපගේ වෙබ් අඩවියේ ගනුදෙනු කිරීමෙන් බැහැර වී සිටින්න​.

ගිණුම් සැකසුම් වෙත යන්න
Trading app showing your trading account limits
Screen showing self-exclusion information for your trading account

ගනුදෙනු සීමා සහ ස්වයං ව්‍යවර්තන ක්‍රියා කරන ආකාරය

ඔබේ ගනුදෙනු සීමාවන් පිළිබඳ පූර්ණ පාලනය ඔබ සතු වේ. ඔබට ඕනෑම වේලාවක ඔබේ කොටස් ප්‍රමාණය, සිදු වූ අලාභ​ සහ ගනුදෙනු සැසිවල කාලසීමාව මත සීමාවන් සැකසීමට, ඉවත් කිරීමට, වැඩි කිරීමට හෝ අඩු කිරීමට හැකිය.

අපගේ වෙබ් අඩවියේ ගනුදෙනු කිරීමෙන් ඔබව වළක්වා ගැනීමට ඔබ කැමති නම්, ස්වයං ව්‍යවර්තන සීමා සකසන්න. ස්වයං ව්‍යවර්තන සඳහා අවම වශයෙන් මාස 6 ක කාල සීමාවක් ඇත, ඉන් පසුව ඔබට එය වසර 5ක් දක්වා දීර්ඝ කිරීමට හෝ කල් ඉකුත් වූ වහාම ගනුදෙනු නැවත ආරම්භ කිරීමට හැකි ය.

ඔබ ඔබේ ස්වයං ව්‍යවර්තන කාල සීමාව සකසා ඇති විට, අපි ඔබේ ගිණුම් ශේෂය ආපසු ගෙවන්නෙමු.

ස්වයං බැහැර කිරීමේ කාලය අඩු කිරීමට හෝ ඉවත් කිරීමට ඔබ කැමති නම්, පාරිභෝගික සහාය අමතන්න

සජීවී චැට් විවෘත කරන්න